Setti Wessels Youtube.

 

 

ඵා අවුක් අරණ්‍ය සලින්

 

පැවිද්ද

Sinhala සිංහල ඵා අවුක් අරණ්‍ය සලින්: පැවිද්ද https://youtu.be/Mo98XLNRJx8

   

දින හතරක් ඇතුලත පැවිද්ද පිළිබඳ කරන ලද, සුන්දර හා සිත් ඇදගන්නා සුළු මෙම වීඩියෝව විශේෂයෙන් ම සකස් කරන ලද්දේ, නිවීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය කෙරෙහි සැකයක් හා භියක් ඇති ඒ වගේම තවමත් තමන් ලඟ ඇති සන්තෝෂය හා උදාරත්වය ඉවත් වී යාවි කියා සිතන උදවිය වෙතයි. සලින් නම් වූ ඵා-අවුක් ශාඛාවේ (සාල වන අරණ්‍ය සේනාසනය) දරුවන් 91 ක් දෙනෙක්, සාමණේර වරුන් හා සිල් මාතාවන් ලෙසින් සතියක කාලයකට පැවිදි බව ලැබුවේ භාවනා කිරීමට සහ බුදුරජාණණ් වහන්සේ විසින් දේශිත ධර්මය ඉගෙන ගැනීම සඳහාය. සාමණේර හිමිවරුන් පස් නමක් උපසම්පදාව ලැබුවේ සැතපුම් ගණනාවක් ඈතින් පිහිටි විවෘත්ත සීමා මාලකයකදීය. භික්ෂූන් සහ සාමණේර වරුන් සෑම දිනම උදෑසන පිණ්ඩපාත දානය ලබා ගැනීම සඳහා අවට ඇති ගම් වලට පිඬුසිඟා වඩිති. ඔවුන් ඉතාමත් සන්තෝෂයෙන් යුතුව බුදුරජාණන් වහන්සේ වැඩ වසන කාලය සේ ඉතාමත් අපිස් ජීවිතයක් ගත කරනු කැමැත්තෙන්ම සතියකින් සිව්රු හැරීමට තිබූ තීරණය වෙනස් කළහ. බොහෝ දෙනෙක් පිසල් නිවාඩුව වන දෙමසක කාලය අවසන් වන තුරු සිටීමට තීරණය කර ඇත. 

 

A beautiful and inspiring story about ordination filmed during four days; edited specially for people who fear that the Buddha's teachings of peace, happiness and generosity are disappearing: not yet! 

In the new Pa Auk Tawya branch at Salin (Sala Tree Grove Forest Monastery) 91 children ordained as novice monks and nuns for a week to learn about the Buddha's teachings and meditation. Five Bhikkhus ordained in the open air Sima some miles away. The monks go for alms-round in local villages every morning to receive Pindapāta (food offerings). They were so happy to live a simple life similar to the times of the Buddha that they decided not to disrobe - most of them will stay until the end of the school holidays of two months!   

 

Myanmar 2017    

 

 

 

ලේඛනගත  භාවනා  සන්නිදර්ශිත  •   දිය සායම්  •  ඇනිමේෂන්  •  චිත්‍ර  වගු  සටහන්

 

"Sketch of an Excellent Man" (1hour 43 minutes) 

Gratitude to those who helped to make the Sinhalese version possible:

උතුම් මිනිසෙකුගේ තතු බිදක්

https://youtu.be/Hd4wA1gMiBo 

   

 

වෙහෙස මහන්සිය නොතකා අවංකව විසුද්ධි මාර්ගය පහදා දෙන  

අති පූජනීය ඵා-ඔක් ස්වාමින්වහන්සේට අපගේ කෘතඥතාවය....”

බුද්ධ ශාසනය චිරත් කාලයක් පවතීවා!

 

මියන්මාර්වල පිහිටි ඵා-ඔක් භාවනා මධ්‍යස්ථානයේ දසතින් පැමිණි දහසකට අධික 

භාවනා යෝගීන්ට පළමුවෙන් උගන්වන සම සතලිස් කර්මස්ථාන මත 

තමන්ගේම අත්දැකීමෙන් පරමාණුවක අන්තර්ගත අනු පරමාණු විග්‍රහ කරන්නා සේ 

පරමාර්ථ නාම රූප ධර්මයන් විග්‍රහ කරගත හැක.

 

ගෞතම බුදුරජාණන් වහනසේ දේශනා කොට වදාළ 

උතුම් ශ්‍රී සද්ධර්මයේ ප්‍රායෝගික දැනුම් සම්භාරයේ උරුමයක් වූ, 

අවුරුදු 1500 ක සිට පැවත එන්නාවූ විසුද්ධි මාර්ගය නම් පාලිග්‍රන්ථයට අනුව 

ඔවුන් තවදුරටත් පටිච්චසමුප්පාද භාවනාව, විපස්සනා භාවනාව ඉදිරියට පරිග්‍රහ කරයි.

 

සමාධිගත සිතින් හෘදය වස්තුව තුල දකින්නා වූ “ප්‍රඥාවේ ආලෝකය”

සත්‍ය ධර්මය සොයන්නාවූ මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන්නා වූ 

අත්දැකීමක් විය හැක. වැඩි විස්තර සඳහා ද්වාර සය බලන්න.

 

අති පූජනීය ඵා-ඔක් මහතෙරුන් වහන්සේ විසින් පටිච්ච සමුප්පාදය, විපස්සනා භාවනාව 

ඉංග්‍රීසි බසින් පැහැදිලි කර දෙන දුර්ලභ අවස්ථාවකි. නිර්මාණ ශිල්පියා විසින් 

නිරූපිත නිදර්ශණ (දිය සායම්, ඇනිමේෂන්) සියුම් සහ ගැඹුරු අවබෝධයක් ලබමින් 

භාවනා යෝගී නොවන අයෙකුට පවා සුඛදායක ලෙස නැරඹිය හැක.

 

 

© සියළුම හිමිකම් ඇවිරිණි Setti Wessels ධර්ම දානය පිණිසයි. මියන්මාරය 2015

 (Mawlamyine Myanmar 2016)