උතුම් මිනිසෙකුගේ තතු බිදක්

“වෙහෙස මහන්සිය නොතකා අවංකව විසුද්ධි මාර්ගය පහදා දෙන අති පූජනීය ඵා-ඔක් ස්වාමින්වහන්සේට අපගේ කෘතඥතාවය….”

මියන්මාර්වල පිහිටි ඵා-ඔක් භාවනා මධ්‍යස්ථානයේ දසතින් පැමිණි දහසකට අධික භාවනා යෝගීන්ට පළමුවෙන් උගන්වන සම සතලිස් කර්මස්ථාන මත තමන්ගේම අත්දැකීමෙන් පරමාණුවක අන්තර්ගත අනු පරමාණු විග්‍රහ කරන්නා සේ පරමාර්ථ නාම රූප ධර්මයන් විග්‍රහ කරගත හැක.

ගෞතම බුදුරජාණන් වහනසේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ ප්‍රායෝගික දැනුම් සම්භාරයේ උරුමයක් වූ, අවුරුදු 1500 ක සිට පැවත එන්නාවූ විසුද්ධි මාර්ගය නම් පාලිග්‍රන්ථයට අනුව ඔවුන් තවදුරටත් පටිච්චසමුප්පාද භාවනාව, විපස්සනා භාවනාව ඉදිරියට පරිග්‍රහ කරයි.
සමාධිගත සිතින් හෘදය වස්තුව තුල දකින්නා වූ “ප්‍රඥාවේ ආලෝකය” සත්‍ය ධර්මය සොයන්නාවූ මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන්නා වූ අත්දැකීමක් විය හැක. වැඩි විස්තර සඳහා ද්වාර සය බලන්න.
අති පූජනීය ඵා-ඔක් මහතෙරුන් වහන්සේ විසින් පටිච්ච සමුප්පාදය, විපස්සනා භාවනාව ඉංග්‍රීසි බසින් පැහැදිලි කර දෙන දුර්ලභ අවස්ථාවකි. නිර්මාණ ශිල්පියා විසින් නිරූපිත නිදර්ශණ (දිය සායම්, ඇනිමේෂන්) සියුම් සහ ගැඹුරු අවබෝධයක් ලබමින් භාවනා යෝගී නොවන අයෙකුට පවා සුඛදායක ලෙස නැරඹිය හැක.

ඵා අවුක් අරණ්‍ය සලින් පැවිද්ද
Pa Auk Salin: Ordain 2017 Sinhala/English

දින හතරක් ඇතුලත පැවිද්ද පිළිබඳ කරන ලද, සුන්දර හා සිත් ඇදගන්නා සුළු මෙම වීඩියෝව විශේෂයෙන් ම සකස් කරන ලද්දේ, නිවීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය කෙරෙහි සැකයක් හා භියක් ඇති ඒ වගේම තවමත් තමන් ලඟ ඇති සන්තෝෂය හා උදාරත්වය ඉවත් වී යාවි කියා සිතන උදවිය වෙතයි. සලින් නම් වූ ඵා-අවුක් ශාඛාවේ (සාල වන අරණ්‍ය සේනාසනය) දරුවන් 91 ක් දෙනෙක්, සාමණේර වරුන් හා සිල් මාතාවන් ලෙසින් සතියක කාලයකට පැවිදි බව ලැබුවේ භාවනා කිරීමට සහ බුදුරජාණණ් වහන්සේ විසින් දේශිත ධර්මය ඉගෙන ගැනීම සඳහාය. සාමණේර හිමිවරුන් පස් නමක් උපසම්පදාව ලැබුවේ සැතපුම් ගණනාවක් ඈතින් පිහිටි විවෘත්ත සීමා මාලකයකදීය. භික්ෂූන් සහ සාමණේර වරුන් සෑම දිනම උදෑසන පිණ්ඩපාත දානය ලබා ගැනීම සඳහා අවට ඇති ගම් වලට පිඬුසිඟා වඩිති. ඔවුන් ඉතාමත් සන්තෝෂයෙන් යුතුව බුදුරජාණන් වහන්සේ වැඩ වසන කාලය සේ ඉතාමත් අපිස් ජීවිතයක් ගත කරනු කැමැත්තෙන්ම සතියකින් සිව්රු හැරීමට තිබූ තීරණය වෙනස් කළහ. බොහෝ දෙනෙක් පිසල් නිවාඩුව වන දෙමසක කාලය අවසන් වන තුරු සිටීමට තීරණය කර ඇත.